යුරෝපයේ සිදුවන අංගං වෙළඳාම

අපේ උන් හැමදාම කළේ මෝඩකම්ය. තම තම්න්ගේ පෞද්ගලික අමනාපකම් නිසා වීදිය බණ්ඩාර සීතාවක රාජසිංහ රජතුමන්ට පහර දීමට පරංගීන්ගේ පස්ස ලෙවකෑවේය. බුවනෙකබාහුගේ පුත් ධර්මපාල, දොන් ජුවාන් ධර්මපාල ලෙස බෞතිස්ම වී ලංකාවේ පළමු කතෝලික රජතුමා විය. කොනප්පු බණ්ඩාර රාජසිංහ රජුට විරුද්ධ වීමට දොන් ජුවන් නමින් බෞතිස්ම වෙයි. ඇහැලේපොල තම පෞද්ගලික තරහා නිසා ඉංගිරිසි කායන්ට උදව් කොට බලනෙන් උඩට සුද්දන්ට යන හැකි කියා දුනි. 1815 දෙමලා පැන්නීමට සිද්දන් සමඟ ගිවිසුම් ගසා වරද්දා ගත්තේය. මොන මොන හේතු සාධක නිසා කළද මේවා යම් යම් ප්‍රමාණවලින් මෝඩකම්ය. මේයම අද කෝට්ටේ දොන් ජුවාන් ධර්මපාලලා නොහොත් ගිනි අලුගේලා කර ඇත. ඒ තමන් දන්නා චීනඩි ශාස්ත්‍රය අංගම්පොර නමින් හුදෙක් මුදල් අපේක්ෂාවෙන් පර සුද්දේකුට පාවා දීමයි. මෙයින් පසු අද මෙම සුදු කොටියා නමින් පෙනී සිටි පර සුද්දාද ඔහුට නැත. ඔහු වෙනත් කණ්ඩායමක් සමඟ අද කටයුතු කරමින් අති උතුම් අංගං ශාස්ත්‍රයේ ශ්‍රී නාමය යුරෝපය පුරා අලෙවි කරමින් තම බඩ වියත සකසා ගනී.


කරුණාපාලගෙන් චීනඩි උගත් ඔලිවර් චීනඩි තුම්මුල්ලේ සිට කතිර පුඩිය, සමනල සෙල්ලම ආදී චීනඩි නම් භාවිතා කරමින් අංගම්පොර ශ්‍රී නාමය විකුණාගෙන කනවා පමණක් නොව අතීතයේ කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් ඕනෑම අවජාතකයෙකුට එය ප්‍රදර්ශනය කරමින් හා උගන්වමින් යයි. ඒ බවට ඉහත පින්තූරවලට අමතරව පහත දැක්වෙන කරාතේ වැනි වෙනත් සටන් ශිල්පීන්ට කෙරෙන ගණුදෙනුවෙන් පෙනී යයි.


ඉතිහාසය ගෙන බලන කල වර්තමානය හා වැඩි වෙනසක් නැත. සුද්දෝ එදත් කලේ මෙයමය. එනම් පෙරදිග මහා දැනුම් සම්භාරය අපරදිගට ගෙන ගොස් අපරදිගදෙයක් ලෙස ලොවට ලබා දීමයි. එයට හොඳම උදාහරණය වන්නේ අද අප රටට පැකට් කොට එවා පාසල් වල ක්‍රීඩාවක් ලෙස ජාතික මට්ටමින් ද තරඟ පැවැත්වෙන රෙසිලින් හෙවත් මල්ලව පොරයි.


ඉහත පින්තූරයේ ඇති නිල ඇඳුම් සම්ප්‍රදාය හැඳින්විය හැක්කේ අංගම් නම සොරාගත් සුද්දෙකුගේ විගඩම් ඇඳුම් සම්ප්‍රදායක් කියා මිස වෙනත් යමක් නොවේ. අංගම් ශාස්ත්‍රය පුහුණුවීම සිදු කරනුයේ නිශ්චිත හා සාම්ප්‍රදායික ඇඳුම් කට්ටලයක් දරා ගැනීමෙන් පසුව වන අතර ඒ ඇඳුමේ විලාසය අනුව පුහුණු වන්නාගේ ශාස්ත්‍රීය මට්ටම මැන ගත හැකි වීමද විශේෂත්වයකි. නමුත් ඉහත පින්තූර සමූහයේ පළමු පින්තූරයේ මෙන් ගෑණුන්ට සරම් අන්දා උඩු කය වැසෙන්නට ටී ෂර්ට් එකක් ඇන්දවීමේ සම්ප්‍රදායක් නොමැත. ගැහැණියෙකුට කොට සරමක් ඇන්ඳවීම තුළින්ම කරුණාපාල හා ඔහුගේ ගෝල ඔලිවර් පර සුද්දා තුළ පවතින අප සිංහල සටන් සම්ප්‍රදාය පිලිබඳ දැනුම මැන ගත හැකිය. කොට කලිසම් හැඳගෙන රිටි කරකැවීම, ඉන්දියානු සරුවාලයක් මෙන් සෑදු ඇඳුමක් ඇඳගෙන සටන් කිරීම, කලිසම් ඇඳගෙන කාය වර්ධන උපකරණ භාවිතා කිරීම හෝ දෙමළ වේට්ටි දරා තුම්මුල්ල පැනීම අංගම් ශාස්ත්‍රයට අදාල නොවේ.

මෙම ඔලිවර් නම් ජර්මන් ජාතිකයා ප්‍රධාන අංගම් නමින් චීනඩි උගත් පර සුද්දන් ඉදිරියේදී කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ නිරුක්ති සැපයීමට අපොහොසත් නමුදු සිදු වන්නේ කුමනාකාරයක දෙයක් දැයි සිතා ගත හැකිය. එදා අපේ මල්ලවපොර නැවත ලංකාවට රෙස්ලින් ලෙස පැකට් කර එවන්නාක් මෙන් චීනඩිද අංගම්පොර ලෝකයටම පැකට් කර දීම ලංකාවේ සිටින අංගම් චෞරයින්ට වඩා වඩාත්ම සාර්ථක ලෙස මෙම සුද්දන් දැනටමත් සිදු කරන බව නම් පැහැදිලිය. එවිට සිදු වන්නේ ලංකාවේ අති උතුම් සටන් ශාස්ත්‍රය බාල්දු වීමය. එයට හේතුව වන්නේ බාල ගණයේ සටන් කලාවක් වන චීනඩි වැනි කුප්‍රබුද්ධ සටන් කලාවක් මේ රටේ  පාරම්පරික සටන් කලාව නම් සිංහලයා යනු ශාරීරික හා මානසික ශක්තියෙන් ඉතාමත් දුර්වල සංස්කෘතියකට උරුමකම් කිවූ කිසිඳු වැදගැම්මකට නැති ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් ලෙස ලොවට හඬගා කීමයි. සුද්දන්ට එදා ඕන වූයේද අද ඕන වන්නේද හෙට ඕනෑ වෙලා තියෙන්නේද සිංහලයා දීන ජාතියක් ලෙස ලොවට පෙන්වීම හා සිංහලයා දීන ජාතියක් කිරීමය. සුද්දොන්ගේ දීන ජාතික ව්‍යාපාරයේ අග්‍රගන්‍ය ප්‍රතිඵල වූ කරුණාපාලලා වැනි පරයි තවදුරටත් ලෝකයට අපේ ජාතිය දීන ජාතියක් බවට ඔප්පු කිරීමට තමන්ගේ මුතුන්මිත්තන් වන පර සුද්දන්ට උදව් කරන බෙව මෙයින් පසක් නොවේද?


විවිධ වෙබ් අඩවි හා මහා පරිමාණයෙන් ව්‍යාපාර මඟින් අදටත් අපේ අංගම්පොර ඉතිහාසයේ උරුමයන් වන යුද කඩු විකිණීම යුරෝපයේ බොහෝ සිදු වන බව දන්නේ අතලොස්සකි. ලංකාවේ ජාතික කෞතුකාගාරයේවත් නොමැති ප්‍රමාණයක කඩු පිරිරටවල කෞතුක භාණ්ඩ අලෙවිසැල්වල තිබේ. ඒවායෙන් බාලම ගණයෙන් කඩුවක් වුවද විකිණෙන්නේ අවම වශයෙන් ලංකාවේ මුදලින් ලක්ෂ පහකට වඩා වැඩි මුදලකටය. අති උතුම් අංගම් ශාස්ත්‍රයේ උරුමයන් විකිණීම පැහැදිලිවම අදින්නාදානයෙන් පසු සිදු වන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පර සුද්දන් මේ රට පාලනය කරන සමයේ ඔවුන් විසින් අප මුතුන් මිත්තන්ගෙන් හොරකම් කර ගන්නා ලද හෝ බලෙන් පැහැර ගන්නා ලද මැණික් ගල් එබ්බවූ, රත්තරන් හා රිදීයෙන් වැඩ දැමූ මිල කළ නොහැකි වටිනාකම්වලින් යුත් කඩු මෙසේ විකිණේ. අද අංගම්පොර නමින් චීනඩි සුද්දන්ට විකුණන උන්ට මේවා මතක් නොවූයේ ඔවුන්ද එවන්ම වූ අදින්නාදානයකට එනම් අංගම්පොර සොරකමකට උරුමකම් කියන එවන් වූ පර සුද්දන්ටම ජාතක වූ පරයන් නිසා නොවේද?

2 comments:

  1. අංගම් වල තියන සියලුම රහස් සුදදන්ට උගන්වන්නේ නැහැ. සුද්දෝ ඒගෙන ගන්නේ බොහොම අල්පයක් පමණයි

    ReplyDelete
    Replies
    1. අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තූතියි. අංගම් ශාස්ත්‍රයේ අල්පයක් උගත් කෙනෙක් පනික්කියෙක් වන්නේ නැහැ. කොහොම වුණත් තමාද පනික්කියෙක් බව හඳුන්වා දෙන කරුණාපාල තමන්ගේ අල්පයක් උගත් ගෝලයාද පනික්කියෙක් කිරීමද බරපතල ගැටලුවකි.

      ඔබෙන් ඇසිය යුත්තේ,

      ඔලිවර් නම් සුද්දාට අංගම් පනික්කි තනතුරක් දුන්නේ අල්පයක් උගත් පසුද? යන්නයි.

      අංගම් ශාස්ත්‍රයේ අල්පයක් වත් නොදන්නා කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගෙන් අංගම් ශාස්ත්‍රයේ අල්පයක් වත් ඔලිවර්ට උගත නොහැකි වූ බව ඔබද පිළිගන්නා බව පසක් වෙනවා. කෙසේ වෙතත් අල්පයක් උගත් අයෙක් යුරෝපයේ අංගම්පොර නමින් යමක් උගන්වන්නේ ඔබලා ඔය කතාකරන පොරයේ අල්පයක් උගත් අයටත් අනෙක් අයට උගැන්විය හැකි වන නිසා විය යුතුය. අල්පයක් උගෙන කල්පයක් උගන්වීම චීනඩි ශාස්ත්‍රයේ මූලිකාංගයක් බව අපට දැන් දැන් වැටහේ.

      Delete