සුද්දන්ගේ එදා සිහලුන් විනාශ කළ හැටි



පාණ්ඩ්‍ය, චෝල, මාඝ වැනි ආක්‍රමණවලින් හෙම්බන්වී කෝට්ටේ යුගය දක්වා පැමිණි සිව්හෙළයන්ට මුහුණ දීමට සිදුවූ ආගන්තුක මෙන්ම අමිහිරිතම අත්දැකීම වූයේ මේතාක් මුහුණ දීමට සිදුවූ යුධ ශිල්ප ක්‍රමවලින් බැහැරව යන බියගුලු ගිනි බට සහිත යුරෝපීය ජාතිකයන්ගේ ආක්‍රමණයන්ය. ජපානයේ සමුරායි වරුන්ගේ විනාශයට හේතුවූ වර්තමාන යුධ තාක්ෂණයට මුහුණ දීමේ තාක්ෂණය ඇති නොකර ගැනීමේ වරද අප මුතුන් මිත්තන් සිදු කර ගත්තේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස කොඩිතුවක්කු වැනි සිංහල තුවක්කු නිර්මාණය කරන්නටත් ඔවුන්ගේ තුවක්කුවලින් තබන උණ්ඩ නොවැදෙන සේ හෙනරාජ තෛලය වැනි ගුප්ත ක්‍රමවේද සකසා ගන්නටත් මීට වසර 500කට පසු ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් සමත් විය. ඒ කෙසේ වුවද කෝට්ටේ බිහිවූ පරගැති සිංහල නායකයන්ගේ අනුවන ක්‍රියා හේතුවෙන් රාසිං දෙවියන් වැනි නරෝත්තමන්ටද තමන්ගේ දේශ හිතෛශී රාජකාරිය කර ගැනීමට නොහැකි වූවා කිවහොත් නිවැරදිය. මෙම තත්තවය පිළිබඳව සැවුල් සංදේශ දීපනිය නම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ “16 වන සියවසේ අපේ යට ගියාව පිරික්සන විට, ධර්මපාල (කෝට්ටේ) වැන්නන් නිසා සිංහලයාත් බුද්ධාගමත් අතරමං විය.“ යනුවෙනි. මේ අතර වෙදය පනික්කල් නොහොත් වීදිය බණ්ඩාර වැනි ද්‍රවිඩ සිංහලයන්ද මේ රට යුරෝපීයයන්ගේ ගොදුරක් බවට පත් කිරීමට වූ සහාය අනන්තය. 




මෙසේ ආරම්භ වූ අපේ අවජාතක සිංහලයන්ගේ පාවාදීම උඩරට මහ කැරැල්ල දක්වා පමණක් නොව අද දක්වාම පවතිනවා කිවහොත් නිවැරදිය. මෙම රට පාවාදෙන විභීෂණලාගේ හෙවනැල්ලෙන් මුළු රටම අල්වා ගත්තෝ ඉංගිරිසි කාරයෝය. මෙම පර සුද්දෝ අන්තිමේදී මෙරට වීරයන් බිහිකිරිමේ මූල බීජය වූ අති උතුම් අංගං ශාස්ත්‍රයද ගැසට් නිවේදනයක් මගින් තහනම් කරමින් තැන තැන අප අංගක්කරුවන් මරා දමන්නට යෙදුණෙය. එහි ප්‍රතිඵලයක් ලෙස අංගං ශාස්ත්‍රය නර්තනාංග පුහුණු වන්නන් සේ පෙනී සිටිමින් (නමුත් අංගං ශිල්පීන් නැටුවේ නැත.) නොයෙකුත් දුක් ගැහැට විඳිමින් මේ තාක් කල් ජීවමානව පවත්වාගෙන යාමට අප ගෞරවණීය මුතුන් මිත්තන්ට සිදු විය. 

අද අංගං ශාස්ත්‍රයේ ශ්‍රී නාමය මෙවන් වූ පර සුද්දන්ට පාවා දෙන්නට කරුණාපාල, ග්‍රේෂන් වැනි අංගම්පොර යයි කියා ගන්නා චීනඩි හා මලයාලම් කාරයින් හෙවත් දොන් ජුවාන් ධර්මපාලලා කල්පනා කළද එදා රොබට් බවුන්රිග් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් අප සටන් ශිල්පීන් මරා දැමීමට නියෝග දුන් ආඥාවේ සිංහල පරිවර්තනය පහත පදිරි වේ.



ලංකාවේ බි‍්‍රතාන්‍ය ජනපදයන්හි හා ප‍්‍රදේශයන්හිද ඊට යටත් පෙදෙස්හිද ආණ්ඩුකාර හා සේනාපති තැන්පත් කේ සී බී නාමධාරී ශ‍්‍රීමත් රොබට් බවුන්රිග් උතුමාණන් වහන්සේ විසින් කෙරෙන
නියෝගයේ වග හැටි නම්

[අත්සන රොබට් බවුන්රිග්]


බි‍්‍රතාන්‍ය මහ රජ්ජුරුවන් වහන්සේගේ නීත්‍යනුකූල ආණ්ඩුවට විරුද්ධව දැන් පවත්නා දුෂ්ඨ සාහසික කැරැල්ලට හේතුව 1815 දී මහනුවරින් නෙරපන ලද්දන්ගෙන් එකෙකුවූද සිහසුනෙන් නෙරපනු ලැබූ වඩුග රජුගේ පෙළපතට නෑකම් කියන්නාවූ ද දකුණු ඉන්දියානු ජාතිකයෙකු මෙහි පැමිණීම හා ඔහු කරන කුමන්ත‍්‍රණයයි මෙම කැරැල්ල පටන්ගත් කාලයේ දී ආණ්ඩුකාර උතුමාණන් වහන්සේ කල්පනා කළහ

එසේ වුවද කැරැල්ලේ සැබෑ නායකයින් පහත සඳහන් අය බව දැන් උතුමාණන් වහන්සේගේ කල්පනාවයි. එබැවින් ඔවුන් ඇල්ලීමට පහත සඳහන් පරිදි එක එකා වෙනුවෙන් තෑගි පිරිනැමෙන බව උතුමාණන් වහන්සේ ප‍්‍රකාශ කරති. 


ඌවේ හිටපු දිසාව වන කැප්පෙටිපොල ඇල්ලීමට තාරකා පගෝදි දෙදාහක්, සත්කෝරලයේ හිටපු දිසාව වන පිළිම තලව්වේ ඇල්ලීමට තාරකා පගෝදි දාහක්, හිටපු උඩ ගබඩා නිලමේ වන මඩුගල්ලේ ඇල්ලීමට තාරකා පගෝදි දාහක්, වලපනේ හිටපු මොහොට්ටාල වන කිවුලේ ගෙදර ඇල්ලීමට තාරකා පගෝදි පන්සියයක්, හිටපු අධිකාරම් වන ඇල්ලේපොල ඇල්ලීමට රික්ස් ඩොලර් දාහක්


රාජ්‍යයට හිමිකම් කියන්නාගෙන් ප‍්‍රධාන නිලයන් ලැබුවාවූ හෝ ඔහුගෙන් එබඳු නිලයක් බාරගෙන ක‍්‍රියා කලා හෝ ඔහුගෙන් ලත් බලය නැතහොත් පත්වීම පිට ක‍්‍රියා කලා වූ ඉහත සඳහන් කවරෙකු හෝ අල්ලා මහරජ්ජුරුවන් වහන්සේගේ සේනාවේ නිලධාරියෙකුට බාරදී ඒ බවට එම නිලධාරියාගෙන් සහතික ලැබගෙන මහනුවර නේවාසික නිලධාරියාට ඔප්පු කළ විට යට කී තෑගි මුදල ගෙවනු ලැබේඑ


එක්දහස් අටසිය දහඅටවන වර්ෂයේ මාර්තු මාසයේ දහනමවන දින මහනුවරදී ය.
උතුමාණන් වහන්සේගේ අණ පරිදි 
(අත්සන)
 ජෝ ලූසිග්නන්
සිංහලයේ පලාත්වල ලේකම්


මහරජ්ජුරුවණන් වහන්සේට දේවාශිර්වාද වේවා




ඉහත නියෝගයෙන් නොනැවතුණ මෙම පර සුද්දන් අංගං ශාස්ත්‍රය පුරුදු පුහුණු කළ මේ රටේ වීරවරයින් දහස් ගණනක් නීති විරෝධී ලෙස මරා දැමූ අතර එසේ මරණ දඬුවම නියම කළ ඌව වෙල්ලස්ස කැරැල්ලේ වීරවරයින්ගේ ගොණුව පහත පරිදිය.

පිළිමතලව්වේ මහ අධිකරම්, මත්තම ගොඩ දිසාව, ඊරියගම නිලමේ, දුම්බර පිටවල ලේකම් හාපත්ගම මොහොට්ටාල, දේදුණුපිටියේ මොහොට්ටාල, වෑත්තෑවේ රටේ රාල කැටකුඹුරේ රටේ රාල, ඌවේ රටේ මහත්තයා, ඌවේ රහුපොල පිහනරාල, ඌවේ මීගහපිටියේ රටේ රාල, හත්පෝරුවේ ලියන රාල, දෙමෝදර මොහොට්ටාල, හක්මන ලේකම්, අඹගස්පිටියේ නිලමේ, ඉහගම උන්නාන්සේ කොහුකුඹුරේ රටේ රාල, දංගමුවේ මොහොට්ටාල, කණවැරැල්ලේ රාල, මීවතුරේ ලේකම්, ඌවේ ගොඩගෙදර අධිකාරම්, ඊරියගම රටේ මහත්තයා, තලගුණේ නිලමේ, කෙමපිටියේ කෝරාල, දේවදියේ රටේ රාල, හිග්ගහලන්දේ විදානේ, පුංචිරාල, අරුමා, ගංඇති රාල, ඩිංගා, වෑ උඩ අප්පු, රංගේ කස්තුර්, උඩපලාතේ විදානේ, ජුවානිස්, ගොරකදෙනිය, බෝතොට අරච්චි, මත්තමගොඩ නිලමේ , මහවතගම නිලමේ, පල්ලේගෙදර නයිදේ, මැදවත්තේ විදානේ, කින්දිමැණිකා දූරයා, දියකැලේ පිංහැලේ, වැල්ලරාවේ රටේ රාල, කිරිනයිදා, කඩුගහවල දුරයා, විදෑවල මුදියන්සේ, තෙකරලියා, ගණිතා, සුරලා, මැදගස්තලාවේ, බස්නායක රාල, පුංචා, බොරගොල්ලේ මොහොට්ටාල, බදුකුඹුරේ නයිදේ, හකුරුගම් ලේකම්, සේදරා අලූත්නුවර අප්පුවා, දීගොල්ලේ රටේ රාල, හැලේ ගිර මැණික්රාල, බූටෑවේ රටේ රාල, දෙවගොල්ලේ හඳහාමි, තැන්නේ වත්තේ දිසාවේ, කුරුකොහොගම කිරිබණ්ඩා , කටුකෝරලේ බණ්ඩා, අඹගස්පිටියේ නිලමේ, ඇල්ලේපොල මහ නිලමේ, මීවතුරේ ලේකම්, ඊරරියගම කලලූබණ්ඩා , අරමම්පොල මොහොටට්ටාල, කලූගල්පිටියේ විදානේ, කැප්පෙටිපොල මහ දිසාවේ, මඩුගල්ලේ, කොටනින්දෙනි ගම්මහේ, කුඩාබදුල්ලේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල, තමන්කඩුවේ දිසාව, හලූකල්ලේගල ආරච්චි, කණවෙරලේ ගැටේ රටේ රාල, දංගමුවේ මොහොට්ටාල, කැබිලිත්තේ මහ බෙත්මේ, කරව්වේ රටේ රාල, පොල්වත්තේ ඩිංගිරාල, කොඩිතුවක්කු මොහොට්ටාල, මිරිස්වත්තේ අප්පුහාමි, මඩුගම රටේ රාල



මෙසේ අප අති උතුම් අංගං ශිල්පීන් විනාශ කළ පරසුද්දන්ගේ ක්‍රියා කලාපය නිසාවෙන්ම අද කරුණාපාලලා, ග්‍රේෂන්ලා පමණක් නොව සුමේධලාට පවා අද මෙසේ අංගම්පොර නමින් මොකක් හෝ මගඩි නැටුමක් නටන්නනට හැකිවී තිබේ. ඒ අතින් බලන කල කරුණාපාලලා සුද්දන්ට වැඳිමේ ඇති වරදක්ද නැත. මන්ද සුද්දෝ එදා අංගං ශිල්පීන් විනාශ නොකරන්නට අද මේ අංගං චෞරයින්ට අංගම්පොර නමින් මොකක් හෝ රිලා නැටුමක් කිරීමට හැකි වන්නේ නැත. අංගම් ශාස්ත්‍රයේ නම භාවිතා කරමින් තම බඩවියත සපුරා ගන්නටද නොහැකි වනු ඇත. මේසේ මේ ශාස්ත්‍රය විනාශ කළ විවිධ පරදේසක්කාරයින්ගේ විස්තර කෙටියෙන් පහත දක්වමු.

රොබට් බවුන්රිග්

1818 දී උඩරට මහ කැරැල්ල පවතින පළාත්වල යුධ නීතිය ප්‍රකාශ කරන ලද අතර එමගින් මේ රටේ දක්ෂ අංගං ශිල්පීන් දස දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කළේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීම සඳහා උඩරැටියන් ලොකු මුදලකැයි සලකන ලද රිග්ස් ඩොලර් 2000ක ත්‍යාගයක් දෙන බවට පොරොන්දු විය.

මෙජර් හාඩි


උඩරට මහ කැරැල්ලේදී මැදවල පංසලේ දී පොල්වත්තේ උන්නාන්සේව හිරකරන් සිටී අතර මාඑලියේ විදානේව වදුරාගල හිර කර තැබීය. මේ අතර මඩුගල්ලේ දිසාව හිරභාරයට ගන්නා ලද්දේද මොහුය.

ලෙෆ්ටිනන් නියුමන්


මොහු එන්ගලන්තයට ලියූ ලියුමක මෙසේ සඳහන් වේ. “වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාවටද වලපනේ හා ඌවේ දිසාවටද තම පලාත් කරා යාමට අණ දුනිමි. ඔවුන්ට උපකාර වශයෙන් යුද භට පිරිස් යවන ලද හ.“

මෙජර් මැක්නොනල්ඩ්

මොහු එන්ගලන්තයට ලියූ ලිපියක සඳහන් වන්නේ “වෙල්ලස්සසේ ඌසාන් වෙල ඇතුළු ගම් රාශියක් විනාශ කලා.“ යනුවෙනි.

මෙජර් බේලි

මොහු වෙල්ලස්ස කරැල්ලේදී බින්තැන්න පූර්ණ ලෙස වනසා දැමීම සිදු කළ බවට ප්‍රකටය. ගම් නියම් ගම් ගිනි තබමින් අහිංසක වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම් සිදු කළ පරදේසක්කාරයෙකි.

විනියම් ඕ නීල්

මොහු විසින් කැප්පෙටිපොල මහ දිසාවේ අල්ලා ගැනීම ගැන තම කපිතාන් ක්‍රේෂර්ට ලියූ ලියුමෙහි මෙසේ දැක්වේ. ‘‘අද පස්වරු 3ට පමණ පිළිමතලව්වේ හා කැප්පෙටිපොල අල්ලා ගත් බව ඔබ තුමන්ට සැලකල හැකි වීම ප්‍රීතියකි.‘‘

මොවුන්ට අමතරව මෙජර් හාඩි, බදුල්ලේ උප තානාපති විල්සන්, එඩ්වඩ් බාන්ස්, කපිතාන් හයිග්, මෙජර් හස්කිංසන්, මෙජර් කොරොන් යන සුදු අධිරාජ්‍යවාදී නායකයින් අප සටන් ශිල්පීන් සමූලඝාතනයෙහිලා මුල්තැන ගත්තවුන්ය. 


මෙසේ අප අති උතුම් සටන් ශාස්ත්‍රය විනාශ කළවුන්ගෙන් පැවත එන පරසුද්දන්ට අංගම්පොර ඉගැන්වීම තවදුරටත් සිංහලයන් වන ඔබට අනුමත කළ හැකිද?



1 comment:

  1. මේ අංගම්පොර ගැන ඉතාම ලක්ෂන ඉදිරිපත් කිරීමක් සේනක විජේසිංහ මහතා විසින ්කර තිබුනා. දඬුබස්නාමානය නැමැති නාටකය රූගත කිරීම සඳහා සේනක විජේසිංහයන් විසින් සත්‍ය වශයෙන්ම අංගම් පොර දන්නා අයෙක් සිටීදැයි රට වටේම සොයා බලා තිබුනා. නමුත් අවසාන වශයෙන් කිසිවකු සොයාගැන්මට නොහැකි වූ තැන බෘෘස් ලීගේ සටන් කලාවක් වූ ජෙට් කුන් ඩු නැමැති කලාව මදක් වෙනස් කොට නාටකය සඳහා යොදාගත් බවත් ඉන් මනත නාට්‍යය විකාශනය වූවායින් පසු කාලයේ අංගම් සටන් ගුරුකුල සහ අංගම් සටන් කරන පිරිස් සිටින බව දුටු සේනක විජේසිංහටත් නාට්‍ය අධ්‍යක්ෂකටත් දකින්නට ලැබෙනවාලු.

    ReplyDelete