අංගම්‍පොර සුද්දන්ට දීම හරිද?


මේ සඳහා දිය හැකි සරළම පිළිතුර වන්නේ ‘වැරදියි‘ යන්නය. මෙය සිංහලකම් හා සිංහලය යනු කුමක්දැයි නිවැරදි අවබෝධයක සිටින සුජාත ලක් දූ පුතුන්ට නම් ගැටලුවක් නොවුවද සුද්දන්ට ජාතක වූවා හෝ නොවූවා වූ අවජාතක සිංහලයන්ට ගැටලුවක් විය හැකි නිසාවෙනුත් එවන් අවජාතකයන් මෙය වරදක් නොවන වගට ලොවට පෙන්වා තම බඩවියත වෙනුවෙන් අති උතුම් අංගම් ශාස්ත්‍රයේ ශ්‍රී නාමය පර සුද්දන්ට පාවා දීම නිසාවෙනුත් මෙම කරුණු ලියැවේ.



1. නජජ්ජා වසලො හෝති

අපේ ඉතිහාසය ගැන බොහෝ අය රට පටලවාගෙන සිටිනවා යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසාවෙන්ම දෝ අංගම් ශාස්ත්‍රයද බුදු දහම මෙන් කිසිඳු භේදයකින් තොරව ඕනෑම වසලයෙකුට ලබා දිය යුතු බව අංගම්හොරුන්ගේ තර්කයකි. ‘‘ජටාවකට පුද්ගලයෙක් බ්‍රාහ්මණයෙක් කල නොහැක.‘‘ එම නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රය ඉගෙන ගැනීමට එන ඕනෑම පරයෙකුට ශාස්ත්‍රය ලබා දිය යුතු යයි කියමින් ඔවුන් සතුව ඇති අමුතුම පොරය අංගම්පොර ලෙස හඳුන්වා දෙමින් තම ව්‍යාපාරය පවත්වාගෙන යයි. 

මෙහිදී පැහැදිලි කළ යුතු කරුණක් වන්නේ බුදු දහම හා සිංහලයා යනු යම් යම් කාරණාවලදී ගසට පොත්තත් පොත්තට ගසත් ලෙස බැඳී තිබුණද එය සෑම විටම පොදු නොවේ. ලංකාවේ අපගේ සංස්කෘතිය තුළ ඇත්තේ බෞද්ධ සංස්කෘතිය මිස බෞද්ධ දර්ශනය ඒ ආකාරයෙන්ම නොවේ. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කලින් කලට බුදු දහමේ මූලික සිද්ධාන්ත වලට පවා පරයමින් සංස්කෘතික කොටස් එකතු වී ඇත. එයට එක් උදාහරණයක් වන්නේ සියම් මහා නිකායේ භික්ෂූන් විසින් අදටත් අඩු ජාතියේ නොමැති නම් කුලයෙන් අඩු අය පැවිදි කිරීම සිදු නොකිරීමයි. එය බුදු දහමට අනුව වැරදි වුවද සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ නිවැරදියි.

මෙයට අමතරව ලංකාවේ බොහෝ සිංහල සංස්කෘතිකාංග මහ කැටවල ඇත්තොන්ගේ (බුදු හිමියන්ගේ) දහමට අනුකූල හෝ අදාල නොවේ. එයට හොඳම උදාහාරණය වන්නේ හෙළ සූර්ය මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුද්දයි. ඒ තුළ ඇති හිස තෙල් ගෑම වැනි අංග වලට අද බෞද්ධ භික්ෂුව පැමිණ සිටියද එදා එය සිදු කලේ පවුලේ වැඩිහිටියෙකු විසිනි. කෙසේ වෙතත් සංක්‍රාන්ති කාලය, අලුත් අවුරුද්දට ආහාර ගැනීම හා වැඩි ඇල්ලීම වැනි දේ බෞද්ධාගමට අදාල නොවන ඉන් එහා ගිය සංස්කෘතිකාංග බව විචාර බුද්ධියෙන් විමසන කාටත් මොනවට පැහැදිලි වනු ඇත. එම නිසාවෙන්ම අපේ සිංහලුම සංස්කෘතිකාංග බුදු දහමෙන් ලැබුණු හෝ බුදු දහමට අනුකූල විය යුතු යයි සිතිය නොහැකිය.

මෙය හෙළ සටන් ශාස්ත්‍රයටත් අදාලය. බුදු දහමේ සතුරා මැරීම (පාණාතිපාතා) අනුමත නොකරන නමුදු සටන් ශාස්ත්‍රයේදී එය අනුමත කරයි. බුදු දහමේදී සතුරන් තලා පෙලීම (සබ්බේ තසන්ති දණ්ඩස්ස) අනුමත නොකරන නමුදු සටන් ශාස්ත්‍රයේදී එය අනුමත කරයි. බුදු දහමේදී යුද්ධ කිරීම අනුමත නොකරන නමුදු සටන් ශාස්ත්‍රයේදී එය අනුමත කරයි. මේ ආකාරයටම බුදු දහම කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනා කියූ පමණින් බුදු දහමටත් (ගෞතම බුදුන්ගේ දහම) වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති ලංකාවේ හෙළ සටන් ශාස්ත්‍රය තුළ තම ජාතියෙන් එන්ම යක්ෂ, රාක්ෂ, දේව හා නාග යන ගෝත්‍ර වලින් (අද සිංහල ජාතිය) පිට මෙම සටන් ශාස්ත්‍රය ලබා දෙන්නේ නැත. එම නිසාවෙන්ම මොකක් පටලවා ගත්තද හෙළ සටන් ශාස්ත්‍රය බුදු දහම සමඟ පටලවා ගත යුතු නොවේ.

2. අංගම්පොර සුද්දන්ට නොදෙන්නේ පහත් ජාතිවාදය නිසා

මෙයද තවත් බොහෝ අය ගෙනෙන කෙස් පැලෙනවා යයි සිතා සිටින තර්කයකි. “ජාතිවාදය යනු හිංසාකාරී එකකි. එම මත දරන්නේ පහත් මානසිකත්ව ඇති අන් අයගේ අයිතිවාසිකම් ගැන තේරුම් ගත නොහැකි අයයි.“ බැලූ බැල්මට ඇත්තේය. සුද්දාද පද්දාද පරයාද හම්බයාද යන සියල්ල මේ රටේ සිටිය යුතුය. එය අපට ප්‍රශ්නයක් නැත. පොල් වත්තේ මුකුණුවැන්න හැදුනාට අප එයට මුකුණුවැන්න වත්ත නොකියයි. එය කොපමණ යටි රෝපණ තිබුණද පොල් වත්තමය. එමා නිසාවෙන්ම මේ රට සිංහලය රටය මේ රටේ කොතරම් වෙනත් ජාතීන් සිටියද සිංහල උරුමයන් සිංහලයන්ටම පමණක් සතු ඒවාය. 

අනෙක් කාරණය වන්නේ අප ජාතිවාදී නිසා සටන් ශාස්ත්‍රය පිටරැටියන්ට නොදෙන්නේ නම් මේ රටේ සිටි මහසෙන් සෙන්පති තුමා, රාවණා රණවිරුවන්, දුටුගැමුණු රජතුමා, රාජසිංහ රජතුමා වැනි සියලුම දෙනා ජාතිවාදීන්ය. පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොල, කොහුකුඹුරේ රටේ රාල හා ලෙව්කේ දිසාව වැනි සියලුම දෙනා ජාතිවාදීන්ය. ඉදින් මේ ජාතිවාදීන්ගෙන් පැවත එන අප ජාතිවාදීන් නොවනවා නම් ‘පියා කරන දේ නොකරන පුතා නොට්ටිගේ පුතා‘ය යන කියමන ඇත්ත වනු ඇත.

හෙළ සටන් ශාස්ත්‍රය නොව සිංහල සංස්කෘතිය ගැන මනා අවබෝදයක් ඇති ඕනෑම අයෙකුට පෙනී දෙය නම් අපේ දේවල් ආරක්ෂා කිරීම යනු වරදක් නොවේ. කෙහෙම්මල් අවජාතිකත්වය දඩමීමා කරගෙන මේ වනවිටි මුසල්මානුවන් අංගම් ශාස්ත්‍රයට පවා අත තබා හමාරය. එහෙව් යුගයක මෙම අංගං ව්‍යාපාරිකයන් අපට කියන්නේ දළදා වහන්සේගේ බස්නායක නිලමේ තනතුරත් සුද්දෙකුට දෙන්නට කියාද?

3.  වැඩවසම් ප්‍රතිපත්ති තවදුරටත් වලංගු නොවේ

මෙය තවත් වෘෂභ තර්කයකි. පොල් කඩන එකාගේ පුතා පොල් කඩන එකෙක් ම වීමට ඉඩ දුන් වැඩවසම් ක්‍රමයේ ප්‍රතිපත්තියක් ලෙස අංගම් සටන් ශාස්ත්‍රය ජාතියෙන් පිට නොදීම හුවා දැක්වීම අමනෝඥ බව ප්‍රචලිත කිරීමකි. එසේ නම් වැඩවසම් ක්‍රමයේ ප්‍රතිපත්ති වන 
  • මහනුවර දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුර කුලවත් සිංහලයෙකුට පමණක් ලබාදීම
  • උඩරට නර්තනයේදී සිංහල බෞද්ධ පිරිමි අය පමණක් වෙස් බැඳීම
  • අවාහ විවාහ වලදී පොරොන්දම් බැලීම හා කුලගෝත්‍ර සැලකීම
වැනි සංස්කෘතිකාංගය තහනම් කොට පර සුද්දෙකුට බස්නායක නිලමේ තනතුර දී කාපීරි ගෑණියෙකුට වෙස් බැඳිය යුතුය.

එය කෙසේ වෙතත් වසර දස දහස් ගණනක් වැඩවසම් ක්‍රමයක පැවතුණ අප සමාජයේ කාටත් සටන් ශාස්ත්‍රයට පමණක් අදාල නීතියක් වන ජාතියෙන් පිටි නොදීම යන්න වැඩවසම් ක්‍රමයකට අදාල යමක් නොව සටන් ශාස්ත්‍රයේ අභ්‍යන්තර නීතියකි. එය නොදන්නවා හෝ නොපිළිපදිනවා නම් ඒ සටන් ශාස්ත්‍රයට අදාල අය නොවේ. මේ රට බේරා ගැනීමට ඇති සටන් රහස් පිටරැටියන්ට දී අපේ ජාතිය අගාධයට ඇද දැමීම වැලැක්වීම මෙම රීතියේ අරමුණ බව කවුරුත් පැහැදිලිව වටහා ගත යුතුය.

4. සුද්දන්ගේ තහනම නිසා සිදු වූ දෙයක්

ඇතැම් අය ගෙනෙන තවත් තර්කයන් වන්නේ සුද්දන්ට උගන්වන්න එපා යන රීතිය ගෙන ආවේ සුද්දන් මේ රට පාලනය කළ කාලයේ දී බවත් සුද්දන් සටන් ශාස්ත්‍රය තහනම් කළ නිසා බවත් එවන් තත්ත්වයන් අද නොපවතින නිසා සුද්දන්ට දීම වරදක් නොවන බවත්ය. මෙසේ කියන අයට සුද්දන් හැර වෙනත් ජාතීන්ද ලංකාවට පැමිණි බවත් ඒ කිසිඳු ජාතිකයෙකුට මෙම සටන් ශාස්ත්‍රය (නිවැරදි හා පිරිසිදු) අද වන තුරු ලබා නොදුන් බවත් පැහැදිලි කළ යුතුය. සුද්දන් තහනම් කිරීම නිසා සිදු වූයේ පරම්පරාවෙන් පිටත නොදීම පමණකි. ඒ තමන්ගේ පරම්පරාව සටන් පරම්පරාවක් බව ලෝකයා දැන ගැනීම වැලැක්වීමට මිස වෙනත් යමක් සඳහා නොවේ.

5. බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කරන නිසා දිය හැකියි

සුද්දා වුවද බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කරන්නේ නම් අංගං ශාස්ත්‍රය දිය හැකි බව මෙම අංගම් චෞරයින්ගේ තවත් තර්කයකි. එසේ නම් සුද්දෙකුට කස්තිරමක් නටන්නට පුළුවන් වූ පමණින් වෙස් බැන්ඳවිය යුතුය. නිලමේ ඇඳුම ඇන්ඳ පමණින් බස්නායක නිලමේ තනතුර දිය යුතුය. නමුත් එය එසේ නොවේ. බෞද්ධාගමිකයෙකු විය යුතුය යන්න් අංගම් ශාස්ත්‍රය උගැන්වීමට අදාල එක් රීතියක් පමණි. නමුත් සියලුම රීති පහත පරිදි වේ

  • සිංහල (යක්ෂ, රාක්ෂ, දේව හා නාග) ජාතිකයෙකු විය යුතුය
  • කුලවන්තයෙකු විය යුතුය
  • වේලාපත්කඩ ගැලපිය යුතුය
  • බෞද්ධයෙකු විය යුතුය

එම නිසාවෙන්ම එක් කරුණක් වන බෞද්ධයෙකු වීම හෝ බෞද්ධ වත් පිළිවෙත් කිරීම යන්න පමණක් සම්පූර්ණ වීමෙන් සටන් ශාස්ත්‍රය ලබා දිය නොහැකිය.


6. අභාවයට යා හැකි නිසා ලොවට දිය යුතුය

මොවුන් අංග්මපොර නමින් චීනඩි ලොවට විකුණන ගමන් කියනුයේ අංගම්පොර අභාවයට යාම වැලැක්වීමට ලොවට මෙය ව්‍යාප්ත කළ යුතු බවයි. අංගම්පොර යනු කුමක්දැයි වත් නොදන්නා මොවුන්ට අංගම්පොර අභාවයට යාම ගැන ඇති කැක්කුම කුමක්දැයි අපට නම් නොවැටහේ. කෙසේ වෙතත් සුද්දන්ට දීමෙන් අභාවයට යාම වැලැක්වෙනවා නම් මේ රටේ චතුරංගනී ක්‍රීඩාව අදටත් තිබිය යුතුය. නමුත් එය චෙස් බවට පමත්වී අපේ නොවන දෙයක් බවට පත් වී ඇත. මේ රටේ මල්ලවපොර සම්ප්‍රදාය නොව තිබිය යුතුය. එය රෙස්ලින් වී ගැට, පූට්ටු ආදියට ඉංග්‍රීසි නම් යොදා යුරෝපයේ දෙයක් බවට පත්වී ඇත. 



මෙවැනි අමනෝඥ තර්ක ගෙන එමින් තමන්ගේ අංගම්පොර සුද්දන්ට දීමේ ව්‍යාපාරය සාධාරණීකරණය කරන කලුසුද්දන්ට පැවසිය යුතුතේ චීනඩි චීනඩි නමින්ම ලෝකයට උගන්වනවා නම් මේ බොරු තර්ක අවශ්‍ය නොවන බව පමණකි.

1 comment:

  1. බොහොම ඉස්තුති මෙ වගෙ අය හන්දා අපෙ රටට ලොකු ලජ්ජාවක් සිද්ධ වෙනව. මෙකෙන් ලොකෙටත් පනිවිඩක් දෙන්න පුලුවන්, මෙ කරන්නෙ බොරුවක් කියල ව්‍යාපාරයක් කියල.ඔබ සඳහන් කල දේවල් ඇත්ත. මෙකෙන් වෙන්නෙ අපෙ සටන් කලව ඉන්දියා වෙන් පටන්ගත් හරි චිනෙන් පටන් ගත් එකක් කියල වෙන රටවල මිනිස්සු හිතන එකයි. එහෙම ප්‍රශ්නයක් දවසක් මගෙන් ලිටුවෙනියවෙ කෙනෙක් අහුව. මෙ සෙරම ලන්කවට ලබුනෙ ඉන්ඩියවෙන් ද කියල ,පස්සෙ කරුනු පැහැදිලි කරලත් දෙන්න උන. මොකඩ ඉන්දියාව තමන්ගෙ කියන දේවල් විකුනනව එකට හෙත්ව එගොලන්ගෙ සංකෘතිය ආගම බො කරන්න. එගොලන්ට අතිඩෙයක් නෙ. තිබෙත් බුඩු දහම තන් එකත් නෙ.හබඉ ඉන්ඩියව යොග සහ අතම් එගොලන්ගෙ සටන්කල විකුනනව අතිඩෙයක් නෙති නිස, නමුත් අපිට හොද දේවල් තියනව අපි එකෙ අගය කරගන්න ඔන ,එව රැකගන්න ඔන,මෙ සෙරම කරන්න පුලුවන් අපිටමයි. මොකද අපි තමයි දන්නෙ මේවයේ අගය. දැන් අපේ දේ ඔප්පුකරන්න වෙලා තියනව මෙ වගෙ කල හොරු නිසා. කියන්න ගොඩක් ප්‍රශ්න නමුත් පසුවට....හොඩ වඩක් නත් නන් පිට මිනිස්සු හිතවි අපි හඩුනෙ ඉන්ඩියන් හඩ්ඩන් ගෙන් කියල.

    ReplyDelete